චමින්ද වාස් නැගී එන ක්‍රිකට් කණ්ඩායමට

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස චමින්ද වාස් මහතාව පත් කර තිබේ.

ඉදිරි දකුණු අප්‍රිකානු සංචාරය සඳහා මෙම පත් කිරීම සිදුකළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටුව විසින් ඊයේ(14) මෙම තීරණය ගෙන ඇතැයි සදහන් වේ.

ශ්‍රී ලංකා හිටපු වේග පන්දු යවන ක්‍රීඩක චමින්ද වාස් ටෙස්ට් තරග 111 කදී කඩුලු 355 ක් දවාගෙන තිබේ. එසේම එක් දින තරග 322කදී කඩුලු 400 ක් දවාගැනීමට සමත්ව ඇත. වාස් මේවන විට 45වැනි වියෙහි පසුවේ.

ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කළ අවිශ්ක ගුණවර්ධනගේ සේවය අත්හිටුවීමට පසුගියදා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කළේය. ඒ 2017 වසරේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවති T10 ක්‍රිකට් තරඟාවලියේදී විනය පටිපාටි උල්ලංඝනය කළ බවට අන්තර් ජාතික ක්‍රිකට් සම්මේලනයෙන් චෝදනා එල්ල වීම හේතුවෙනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *