ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය CID ය යටතට

(කොළඹ, ලංකාපුවත්) – දැනට පොලිස්පතිවරයාගේ ඍජු අධීක්‍ෂණය යටතේ පවතින ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා යටතට පත් කර තිබේ.

සේවයේ අවශ්‍යතාව මත වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා විසින් මෙම තීරණය ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *