මීනාගේ ඝාතනය වෙනුවෙන් සාධාරණ පරීක්‍ෂණයක් ඉල්ලයි

(කොළඹ, ලංකාපුවත්) –දේශපාලනයට පිවිසීමට පෙර රූපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කරන්නියක් ලෙස එරට ජනප්‍රිය මීනා මංගල් ගේ ඝාතනය පිළිබඳ සාධාරණ පරීක්ෂණයක් සිදු කරන ලෙසත් ඇය වෙනුවෙන් යුක්තිය ඉටු කරන ලෙසත් ඇෆ්ගනිස්තානයේ දේශපාලනඥයින් හා මානව හිමිකම් ක්‍රියාකාරීහු ඉල්ලා සිටිති.

කාබුල් නගරයට ආසන්නයේ දී ඇය පසුගිය සෙනසුරාදා වෙඩි තබා ඝාතනය කෙරුණ අතර මේ වන තුරු ඊට සම්බන්ධ කිසිවකු පිළිබඳ තොරතුරු ලැබී නොමැති බව පොලීසිය පවසයි.

ඇෆ්ගනිස්තානයේ සංස්කෘතික කටයුතු කොමිසමේ උපදේශිකාවක ලෙස කටයුතු කළ මීනා මංගල්‍ සිය රැකියාවට යන අතරතුර පෙරවරුවේ දීවෙඩි ප්‍රහාරයකට ලක්ව මියගොස් ඇති බව එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වේ.

තමන්ට මරණ තර්ජන ඇති බවත් ජීවිතය ගැන බියෙන් පසු වන බවත් මෑතක දී මීනා සිය ෆේස්බුක් ගිණුමේ සඳහන් කර තිබූ බව කාන්තා අයිතීන් පිළිබඳ ක්‍රියාකාරිනියක් වන වෂ්මා ෆ්‍රෝග් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පවසා තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *