ශ්‍රී ලංකා චීන මිත්‍රත්වය තහවුරු කරමින් “ චීන කැඩපත “ සඟරාව එළි දැක්වේ

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාව හා චීනය අතර මිත්‍ර සබඳතාවය තවදුරටත් ශක්තිමත් කරමින්, චීන කැඩපත ( China Mirror) ද්වි මාසික සඟරාවේ මංගල කලාපය ප්‍රකාශයට පත්කර තිබේ.

ශ්‍රී ලංකා චීන සමාජ හා සංස්කෘතික සහයෝගිතා සංගමයේ ප්‍රකාශනයක් ලෙස මෙම සඟරාව මුද්‍රණය කෙරේ. දෙරටේ ආර්ථික,දේශපාලන,සමාජ,කලා, සංස්කෘතික වැනි තොරතුරු මෙම සඟරාවේ ඇතුලත් වේ.

චීන කැඩපත සඟරාව මධුෂාන් කුලරත්න මහතාගේ ප්‍රධාන සංස්කරණයක් වන අතර, විධායක සංස්කරණය, ශ්‍රි ලංකා චීන සමාජ හා සංස්කෘතික සහයෝගිතා සංගමයේ ප්‍රධාන සභාපති චීන ගෞරව මහාචාර්යය ඉන්ද්‍රානන්ද අබේසේකර මහතා විසින් සිදු කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *