2019 ඡන්ද හිමි නාම ලේඛනයේ ආකෘති පත්‍ර බෙදා හැරීම අද සිට

(කොළඹ, ලංකාපුවත්) – මෙම වසරේ ඡන්ද හිමි නාම ලේඛනයේ ආකෘති පත්‍ර බෙදා හැරීම අද(15) සිට ආරම්භ වන බව මැතිවරණ මහ ලේකම් කාර්යාලය පවසයි.

2019 වසරට අදාළ ඡන්ද හිමි නාමලේඛන වී සී ආකෘති පත්‍ර බෙදා හැරීම අද ආරම්භ වන අතර එම ආකෘති පත්‍ර එකතු කිරීමේ කටයුතු ලබන මස පළමුවනදා සිට ආරම්භ කෙරෙනු ඇත. මෙවර වී සී ආකෘති පත්‍රය සමග තවත් ලේඛනයක් ජනතාවට ලබාදෙන බව මැතිවරණ මහ ලේකම් කාර්යාලය සදහන් කරයි.

වයස අවුරුදු 16 ත් 18 ත් අතර පසුවන්නන් සම්බන්ධයෙන් එම අතුරු ලේඛනයේ තොරතුරු ඇතුළත් කළ යුතුයි. එමෙන්ම අදාළ ලේඛනයේ ආබාධ සහිත පුද්ගලයින් සම්බන්ධයෙන් වන තොරතුරු ද ඇතුළත් කළ යුතු වේ. ආබාධිත පුද්ගලයින් සදහා වන නිසි දත්ත පද්ධතියක් නොමැතිවීම හේතුවෙන් මැතිවරණ මහ ලේකම් කාර්යාලය මෙම පියවර ගෙන ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *