whatsapp ඔත්තුබලන හැකර්වරුන්

(කොළඹ, ලංකාපුවත්) – වට්ස්ඇප් සමාජ මාධ්‍ය මගින් සිදුවන දෑ අනවසරයෙන් නිරික්ෂණය කිරීමට ඔත්තු බලන හැකර්වරුන්ට හැකිවී ඇතැයි වාර්තා වේ.

මෙවැනි ආකාරයේ අනවසර ඇතුළුවීම් මෙම මස මුලදී සිදුව ඇති බව වාර්තා වී තිබේ. ජංගම දුරකථන සහ වෙනත් විද්‍යුත් උපකරණ මගින් වට්ස්ඇප් සමාජ මාධ්‍ය පිළිබඳව දුරස්ථව සිට ඔත්තු බැලීමට හැකර්වරුන්ට හැකිවී ඇති බව තහවුරු වී තිබේ. දුරස්ථව සිට මෘදුකාංගයකින් භාවිතා කරන්නන්ගේ ගිණුම් වෙත පිවිස මෙසේ එම තොරතුරු නිරීක්ෂණය කර ඇති බවට වාර්තා වෙයි.

අදාළ මෘදුකාංගය නිර්මාණය කරනු ලැබ ඇත්තේ, ඊශ්‍රායලය මූලික කරගත්, අමෙරිකානු අයිතිය ඇති ආරක්ෂක සමාගමක් විසිනි. එය එන්.එස්.ඕ. නමැති සමාගමක් බව, අමෙරිකානු ෆයිනෑන්ෂල් ටයිම්ස් පුවත් පත අනාවරණය කර ඇත.

ඔවුන් එම වට්ස්ඇප් තොරතුරු ග්‍රහණය කර ගැනීමට උත්සහ කර ඇති බැවින් යෙදවුම් යාවත්කාලීන කරන ලෙස ග්‍රාහකයන් ඉල්ලා සිටියි. වට්ස්ඇප් අයිති ෆේස්බුක් සමාගම පවසන්නේ ඉන් පිරිසකට බලපෑම් එල්ල වී ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *