නොමිලේ දින තුනක් සීගිරිය නැරඹීමට අවස්ථාව

(කොළඹ, ලංකාපුවත්) – සීගිරිය පුරාවිද්‍යා පරිශ‍්‍රය හා කෞතුකාගාරය මේ මස 18, 19, 20 තෙදින පුරා දේශීය සංචාරකයන්ට නොමිලයේ නැරඹීමට අවස්ථාව සලසා දී ඇතැයි මධ්‍යම සංස්කෘතික අරමුදල පවසයි.

වෙසක් උත්සවය හා ජාතික කෞතුකාගාර දිනයට සමගාමීව මෙම අවස්ථාව දේශීය සංචාරකයන් සඳහා ලැබෙන අතර එම දිනයන් තුළදී සීගිරියේ කැණීම් තුළින් හමු වූ පුරාවස්තු ප‍්‍රදර්ශනයක් හා අධ්‍යාපනික වැඩසටහන් මාලාවක්ද කි‍්‍රයාත්මක කෙරෙන බව මධ්‍යම සංස්කෘතික අරමුදලේ සීගිරි ව්‍යාපෘති කළමනාකරු මේජර් අනුර නිශාන්ත මහතා පැවසීය. වැඩි සංචාරක ආකර්ෂණයක් ඇතිවන අයුරින් සහ පරිසර හිතකාමී කලාපයක් ලෙස වර්තමානයේදී සීගිරිය පුරාවිද්‍යා පරිශ‍්‍රය සංවර්ධනය කර ඇත.

නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතාගේ උපදෙස් හා මඟපෙන්වීම මත මෙම වැඩසටහන කි‍්‍රයාත්මක කෙරෙන බව ඔහු සඳහන් කළේය. මේ අවස්ථාවට ත්‍රිවිධ හමුදාවේ ආරක්ෂාව ලබාගන්නා බවද ඒ මහතා පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *