ත්‍රස්තවාදයට අනුබල දුන්නොත් විසිවසරක් හිරේ

(කොළඹ, ලංකාපුවත්) – “යම් තැනැත්තෙකු, කණ්ඩායමක් හෝ තැනැත්තන් කණ්ඩායමක් විසින් සිදු කරනු ලබන යම් ත්‍රස්තවාදී ක්‍රියාවක් හෝ නිශ්චිතව දක්වනු ලබන ත්‍රස්තවාදී ක්‍රියාවක් සාක්ෂාත් කර ගැනීම උදෙසා වෙනත් යම් ක්‍රියාකාරකමක නිරත නොවිය යුතුය. මෙම නියෝග උල්ලංඝනය කරමින් ක්‍රියා කරන යම් තැනැත්තකු හෝ තැනැත්තන් කණ්ඩායමක් වරදකට වරදකරු වන අතර මහාධිකරණයක් විසින් වරදකරු කරනු ලැබූ විට වසර 10කට නොඅඩු සහ වසර 20කට නොවැඩි කාලයක් සඳහා බන්ධනාගාරගත කරනු ලැබේ.”

ත්‍රස්තවාදී ක්‍රියාවකට වරදකරු වන කෙනෙකුට වසර දහයක හෝ විස්සක සිර දඬුවම් හිමි වන ආකාරයට ජනාධිපතිවරයාගේ අත්සනින් යුතුව නව ගැසට් නිවේදනයක් නිකුත් වී තිබේ.

පසුගිය මැයි 13 වෙනිදා නිකුත් වූ මෙම ගැසට් නිවේදනයේ ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳව ෙම‍ෙස් සඳහන්ය.

“යම් තැනැත්තෙකු, කණ්ඩායමක් හෝ තැනැත්තන් කණ්ඩායමක් විසින් සිදු කරනු ලබන යම් ත්‍රස්තවාදී ක්‍රියාවක් හෝ නිශ්චිතව දක්වනු ලබන ත්‍රස්තවාදී ක්‍රියාවක් සාක්ෂාත් කර ගැනීම උදෙසා වෙනත් යම් ක්‍රියාකාරකමක නිරත නොවිය යුතුය. මෙම නියෝග උල්ලංඝනය කරමින් ක්‍රියා කරන යම් තැනැත්තකු හෝ තැනැත්තන් කණ්ඩායමක් වරදකට වරදකරු වන අතර මහාධිකරණයක් විසින් වරදකරු කරනු ලැබූ විට වසර 10කට නොඅඩු සහ වසර 20කට නොවැඩි කාලයක් සඳහා බන්ධනාගාරගත කරනු ලැබේ.”

එම ගැසට් නිවේදනය යටතේ බුර්කාව පැළඳීමද තහනම් කර ඇත. ඊට අනුව කිසිම තැනැත්තෙකු ප්‍රසිද්ධ ස්ථානයකදී එම තැනැත්තාගේ හෝ තැනැත්තියගේ හඳුනා ගැනීමට බාධා විය හැකි පරිදි සම්පූර්ණ මුහුණ සඟවාලන යම් ඇඳුමක් හෝ වෙනත් ද්‍රව්‍යයක් නොඇඳිය යුතු වේ. මෙහි ‘සම්පූර්ණ මුහුණ’ යන්නෙන් නළල මුදුනේ සිට නිකටේ අග දක්වා දෙකන් අතර ප්‍රමාණය අදහස් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *