යුරෝපා සංගමයෙන් ඇගයීමක්

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාවේ පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු දිවයිනේ ඇතැම් ස්ථානවල සිදු වූ ප්‍රචණ්ඩ ක්‍රියාවලට සමබන්ධ පිරිස් අත්අඩංගුවට ගැනීම සදහා ගෙන ඇති පියවර අගය කරන බව යුරෝපා සංගමය සදහන් කරයි.

බොහෝ යුරෝපා රටවලටද පසුගිය වසරවල ත්‍රස්තවාදී ප්‍රහාර හා වෛරී අපරාධ අත්විදීමට සිදු විය. එවැනි සිදුවීම් මගින් ජනතාවට සිදු කරන හානිය මෙන්ම ඒ හරහා රටක සමාජයට ඇති විය හැකි දිගු කාලීන අතුරුඵල කෙසේද යන්න තමන් හොදින්ම දන්නා බව යුරෝපා සංගමය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි.

යුරෝපීය සංගමයේ නියෝජිත රටවල් වන ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, නෙදර්ලන්තය, රුමේනියාව සහ එක්සත් රාජධානියේ මහ කොමසාරිස් කාර්යාලයට මෙන්ම, නෝර්වේ සහ ස්විට්සර්ලන්තයේ තානාපති කාර්යාල සමඟ එකඟතාවයකින් යුතුව මෙම ප්‍රකාශය නිකුත් කර ඇත.

වෛරය සහ ප්‍රචණ්ඩත්වය මුළුමනින්ම ප්‍රතික්ෂේප කළ යුතුය. සියලු ශ්‍රී ලාංකියන්ගේ ආරක්ෂාව හා අයිතීන් සුරක්ෂිත කිරීම සදහා ශ්‍රී ලංකා රජයට අවශ්‍ය සියලු සහාය ලබා දෙන බවද යුරෝපා සංගමය පවසා ඇත.

ජන වර්ග අතර අවබෝධය සහ සාමය ප්‍රවර්ධනය සදහා සෑම උත්සාහයක්ම ගන්නා ලෙස යුරෝපා සංගමය සියලුම දේශපානික, ආගමික සහ වෙනත් ප්‍රජා නායකයන්ගෙන් ඉල්ලීමක් ද කර තිබේ.

ව්‍යාජ තොරතුරු හරහා ප්‍රචණ්ඩකාරී ක්‍රියාවලට මග පෑදීමෙන් වැළකීමට ජනමාධ්‍ය සහ ශ්‍රී ලංකා පුරවැසියන් සතුව විශාල වගකීමක් පවතින බවද යුරෝපා සංගමය වැඩිදුරටත් සිදු නිවේදනය ඔස්සේ අවධාරණය කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *