රැඳවියන්ට පවුලේ ඥාතීන් හමුවීමට19-20 අවස්ථාව

(කොළඹ, ලංකාපුවත්) – වෙසක් උත්සව දිනයේදී බන්ධනාගාර රැඳවියන්ට සිය පවුලේ ඥාතීන් හා හිතවතුන් හමුවීමට ලබා දෙන අවස්ථාව මෙවර වෙසක් දිනය යෙදෙන මෙම 18 දා නොව මැයි 19 සහ 20 දෙදින තුළ ලබා දීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇති බව බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණිය මහතා කියයි.

වෙසක් පොහෝය දින පැවැත්වෙ විශේෂ වැඩසටහනක් නිසා මේ පියවර ගත් බවද ඒ මහතා කියයි.

මෙම දෙදින තුළ රැදවියන් බැලීමට එන අමුත්තන්ට එම රැදවියන් සඳහා ආහාර පාන හා අත්‍යවශය ද්‍රව්‍ය රැගෙන ඒමට අවස්ථාව හිමිවේ. එහෙත් එම ආහාර හා ද්‍රව්‍ය දැඩි පරික්ෂාවට ලක් කෙරෙන බවද උපුල්දෙණිය මහතා කීය.

රැඳවියන් සඳහා ගෙන එන ආහාර ද්‍රව්‍ය සහ අනෙකුත් ද්‍රව්‍ය දැඩි පරික්ෂාවට ලක් කරන බව ද පැවැසු බන්ධනාගාර කොමසාරිස්වරයා පැවැසුවේ තහනම් ද්‍රව්‍ය ගෙන ඒමෙන් වැලකී සිටින ලෙස තමන් පැමිණෙන අමුත්තන්ට දන්වා සිටින බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *