ලුණුගම්වෙහෙර වෙඩිතැබීමක් – දෙදෙනෙක් මරුට

(කොළඹ, ලංකාපුවත්) – ලුණුගම්වෙහෙර පොලිස් වසමේ, කුඩා ගම්මාන 01-02, පවම් ඉවුර, බෙරලිහෙල ප්‍රදේශයේදී ඊයේ(16) රාත්‍රී 09.30ට පමණ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තවත් පුද්ගලයින් දෙදෙනෙක් තුවාල ලබා රෝහල් ගත කර ඇත.

ලුණුගම්වෙහෙර බෙරලිහෙල ප්‍රදේශයේ නිවසක පැවති සාදයක් අතරතුර මෙම වෙඩි තැබීම සිදුව ඇතැයි පොලිසිය පවසයි.

අදාළ නිවසේ පැවති මත්පැන් සාදයකදී එහි සිටි දෙපිරිසක් අතර ඇති වූ බහින්බස් වීමක් ඇති වී සුළු පහරදීමක් සිදුව ඇත. පසුව එහි සිටි පිරිසක් පිටව ගොස් නැවත පැමිණ මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවට පොලිසිය සැක කරයි.

සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ තිස්සමහාරාම ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි පුද්ගලයෙකි.

වෙඩි තැබීමෙන් තුවාල ලැබූ අනෙක් පුද්ගලයින් දෙදෙනා ලුණුගම්වෙහෙර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා හම්බන්තොට රෝහලට ඇතුළත් කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් කිසිවෙකු මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර ලුණුගම්වෙහෙර පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *