සහරාන්ගේ සමීපතයින් දෙදෙනෙක් STF අත්අඩංගුවට

(කොළඹ, ලංකාපුවත්) –ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ නායක ලෙස සැලකෙන සහරාන් හෂීම් සමඟ සමීප සම්බන්ධතා පැවැත්වූ පුද්ගලයින් දෙදෙනෙක් හොරොව්පතාන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.

අදාළ සැකකරුවන් දෙදෙනා පොලිස් විශේෂකාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශ කාර්යාල සඳහන් කළේය.

අන්තවාදී ත්‍රස්තකල්ලිය සමග සබදතා පැවැත්වූ තවත් පුද්ගලයෙකු විදෙස් ගමන් බලපත්‍ර කිහිපයක් සමග අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා ඊයේ(16) පැවැති ආරක්ෂක මාධ්‍ය හමුවට එක් වෙමින් පැවසීය.

ප්‍රචණ්ඩ ක්‍රියාවල නිරතවන්නන් හා ඒවා මෙහෙයවන පුද්ගලයන් පිළිබද තොරතුරු ලබා ගැනීමට බුද්ධි අංශ යොදවා ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

six + 1 =