මයිකල් ජැක්සන්ගේ පුත් උපාධිධාරියෙක්

(කොළඹ, ලංකාපුවත්) – මයිකල් ජැක්සන්ගේ වැඩිමල් පුත්, ප්‍රින්ස් මයිකල් ජැක්සන්,පසුගිය සතියේ ලොස් ඇන්ජලීස්හි ලෝයෝලා මේරි මවුන්ට් සරසවියේ සිය පශ්චාත් උපාධිය ලබා ගත්තේය.

ඔහුගේ ඥාති සොහොයුරු, ටිටෝ ජැක්සන්ගේ බාල පුත් ටීජේ ජැක්සන්, ප්‍රින්ස්ගේ ජයග්‍රහණය ගැන තම ඉන්ස්ටග්‍රෑම් හි ඡායාරූපයක් පල කොට මෙසේ පවසා ඇත.

“ප්‍රින්ස්, එය දිගු ගමනක් නමුත් ඔබ එය කළා”, “ඉගෙන ගන්න, පරිනත වෙන්න, සමාජයට වැඩදායි කෙනෙකු වන්න. ඔබ ගැන මට ආඩම්බරයි , ඔබට ආදරෙයි .

ප්‍රින්ස් තමාගේම ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ මේ පිලිබඳ වූ පුවත් බෙදාගත් අතර ඔහු තම මිත්තනිය වන කැතරීන් ජැක්සන් සමග ගත් ඡායාරූපයක් සහ තවත් ඡායාරූප කිහිපයක් බෙදාගෙන ඇත.

“ඊයේ මම ව්‍යාපාර ව්‍යවසායකත්ව පිළිබඳ පශ්චාත් උපාධිය ලෝයෝලා මේරි මවුන්ට් සරසවියෙන් ලබා ගත්තේය. “මට එය සාර්ථකව අවසන් කිරීමට උපකාර කළ සෑම කෙනෙකුම මම ස්තුති කරමි. අවාසනාවකට මෙන් සෑම කෙනෙකුම මෙම ඡායාරූපයේ නැති එක ගැන කනගාටු වෙමි. එනමුත්, මෙම උපාධි ලබා ගැනීම සඳහා මා දිරිමත් කල සහ එය අවසන් කිරීමට අවශ්‍ය සැම සහයෝගයක්ම ලබා දුන් ටිජේ ජැක්සන් ඔහුගේ සොයුරන් වන ටැරිල් ජැක්සන් සහ ටජ් ජැක්සන් වෙත හදපිරි ස්තුතිය පිරිනමමි.

“මගේ කැපවීම හා හික්මීමේ ප්‍රතිපලයක් ලෙස මා ලැබූ මෙම උපාධිය සාක්ෂිදාරන බව විශ්වාස කරන අතර මට ඒ පිළිබඳව නිහතමානි ආඩම්බරයකද ඇත. ලෝයෝලා මේරි මවුන්ට් සරසවි අධ්‍යාපනයට ස්තුතිවන්ත වෙනවා රෝමානු කතෝලික සභාවට අයත් සාරධර්ම වලටද මම ස්තුතිවන්ත වෙමි. මන්ද, එය මේ ලෝකය වෙනස් කිරීමට ම වැනි උපාධිධාරීන්ට හොඳ අවස්ථාවක් සලසනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *