IS ශාඛාවක් ඉන්දියාවේ

(කොළඹ, ලංකාපුවත්) –අයි. එස් ඉස්ලාමීය රාජ්‍යය සංවිධානයේ ශාඛාවක් ඉන්දියාවේ පිහිට වූ බව එම සංවිධානය නිකුත් කළ නිවේදනයක් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඔවුන් මෙම ශාඛාව හඳුන්වා දී ඇත්තේ මැයි 10 වැනි දා ඉන්දීය පාලිත කාශ්මීරයේ හටගත් ගැටුම්වල වගකීම භාර ගනිමිනි.

අරාබි භාෂාවෙන් “විලයා ඔෆ් හින්ද් (Wilayah of Hind)” නොහොත් ‘ඉන්දීය පළාත’ ලෙස නම් කර ඇති ශාඛාව ගැන IS සංවිධානය විශේෂ නිවේදනයක් නිකුත් නොකළ අතර, එහි භූගෝලීය වපසරිය පිළිබඳ ඉඟියක් ද ලබා දී නොමැත.

2017දී ඇති වූ ගැටුම්වලින් IS සංවිධානයේ භූමිය අහිමි වීමත් සමග, ඔවුන්ගේ නව ශාඛා සම්බන්ධයෙන් මෙලෙස විශේෂ වැදගත්කමක් ලබා නොදෙමින් නිවේදන නිකුත් කිරීම දැන් අයිඑස් සංවිධානයේ සිරිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *