දයාසිරි පැය 03කට පසු DIG කාර්යාලයෙන් පිටව යයි

(කොළඹ, ලංකාපුවත්) –පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා අද(18) කොළඹ දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය වෙත පැමිණියේය.

ඒ කුලියාපිටිය ප්‍රදේශයේ පසුගියදා සිදුවූ කලහකාරී සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහායි.

අද උදෑසන 9.30ට පමණ දයාසිරි ජයසේකර මහතා කොළඹ දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය වෙත පැමිණියේය. එහිදී පැය තුනහමාරකට ආසන්න කාලයක් ඔහුගෙන් ප්‍රශ්න කෙරුණු බව සදහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

4 × 4 =