දළදා මාලිගාවට පැමිණෙන සැදැහැවතුන් වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක්

(කොළඹ, ලංකාපුවත්) –දළදා මාලිගාවට පැමිණෙන සැදැහැවත් පින්වතුන් වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇති බව මහනුවර දළදා මාලිගයේ දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑලබණ්ඩාර මහතා පැවසීය.

ලාංකීය ථේරවාදී බෞද්ධ ජනතාවට වෙසක් පොහොය සුවිශේෂී වන්නේ බුදුන් අනුගමනය කරන රටක් වශයෙන් ශ්‍රී ලංකාව හදුන්වන නිසා බවද දියවඩන නිළමේතුමා සදහන් කළේය.

වෙසක් පොහොය නිමිත්තෙන් බැතිමතුන්ට දෙන පණිවිඩයක් ලෙස ඒ මහතා සදහන් කළේ, අනෙකුත් රටවලටත් ආදර්ශයක් වන ලෙස අප කටයුතු කළ යුතු බවත් මේ වසරේදී වෛරය සහ ක්‍රෝධය තුරන් කර ලොවටම ආදර්ශමත්ව කටයුතු කළ යුතු බව ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *