ඉන්දුනීසියා ජනාධිපතිවරණයෙන් හිටපු ජනපතිට ජය

(කොළඹ, ලංකාපුවත්) –ඉන්දුනීසියාවේ පැවති ජනාධිපතිවරණයේ ප්‍රතිඵලවලට අනුව නැවතත් ජොකෝ විදෝදෝ ජනාධිපතිවරයා ලෙස තේරී පත් වී තිබේ.

පසුගිය අප්‍රේල් මාසයේදී පැවති ජනාධිපතිවරණයේ මැතිවරණ ප්‍රතිඵලවලට අනුව ජොකෝ විදෝදෝ මෙලෙස නැවත වරක් තේරී පත්ව ඇත.

හිටපු හමුදා ජෙනරාල්වරයෙකු වන ප්‍රබෝවෝ සුබියන්තෝ ඔහුගේ ප්‍රතිවාදියා විය.

විදෝදෝ සියයට 55.5ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගෙන ඇති අතර ප්‍රබෝවෝ ලබා ඇති ඡන්ද ප්‍රතිශතය සියයට 44.5කි. අප්‍රේල් 17වනදා පැවැති ඡන්ද විමසීමේ දී මිලියන 192ක වැඩි ඡන්දදායකයින් පිරිසක් ඡන්දය ප්‍රකාශ කර ඇතැයි වාර්තාවේ.

මැතිවරණ ප්‍රතිඵල නිකුත් කිරීමෙන් අනතුරුව එරට අගනුවර ආරක්ෂාව සදහා 32,000කට ආසන්න ආරක්ෂක අංශ සාමාජිකයින් යොදවා තිබූ බව සදහන්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *