කොළඹ වරාය සංවර්ධනයට ඉන්දු-ජපන් එකඟතාවක්

(කොළඹ, ලංකාපුවත්) – කොළඹ වරාය සංවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා රජය සමග එකාබද්ධව විශේෂ වැඩසටහනක් ආරම්භ කිරීමට ඉන්දීය හා ජපාන රජයයන් එකඟතාව පළකර ඇතැයි වාර්තාවේ.

කොළඹ වරායේ බහාලුම් ධාරිතාව මෙන්ම එහි ක්‍රියාකාරීත්වයද විශාල ලෙස ඉහල නැංවීම මෙම සංවර්ධන ව්‍යාපෘතියේ අරමුණ වී ඇත. ඒ හරහා දකුණු ඉන්දීය මුහුදු කලාපයේ ප්‍රවාහන කටයුතු කාර්යක්‍ෂම වනු ඇති බව ඉන්දීය හා ජපාන බලධාරීන් විශ්වාසය පළ කර සිටිති.

මීට අදාළ අවබෝධතා ගිවිසුමට මෙම වසර අවසානයේ අත්සන් තැබෙනු ඇතැයි සදහන් වේ. ඒ අනුව මෙම සංවර්ධන වැඩසටහන ලබන වසරේ මාර්තු මස සිට ක්‍රියාත්මක වීමට නියමිත බවද වාර්තාවේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *