එල්ල වූ ප්‍රහාරය ගැන ‘ආර්නෝල්ඩ්‘ කියයි

(කොළඹ, ලංකාපුවත්) –අවධානය දිනා ගැනීමට තමන්ට පහර දුන් එම ගැටවරයාට එරෙහිව තමන් නීතිමය පියවරක් නොගන්නා බව ආර්නෝල්ඩ් ස්වාසනෙගර් පවසයි.

දකුණු අපි‍්‍රකාවේ ජොහැන්නස්බර්ග් නුවර පැවැත්වෙන ‘ආනෝල්ඩ් ස්පෝට්ස්’ ක්‍රීඩා උළෙල සඳහා පෙර පුහුණුවීම් වල නිරත ක්‍රීඩකයින් අතර සිටි ආර්නෝල්ඞ් ට එක් ක්‍රීඩකයකු විසින් පා පහරක් එල්ල කර ඇත. ඒ පහර වැදීමෙන් පසු ආර්නෝල්ඩ් අඩි කිහිපයක් දුරට විසි වී ගොස් ඇති අතර ඔහුගේ ආරක්ෂකයින් හා අනෙක් පිරිස විසින් පහර එල්ල කළ ක්‍රීඩකයා මෙල්ල කර ගෙන ඇති බව සඳහන්ය.

‘ආනෝල්ඩ් ස්පෝට්ස්’ සෑම වසරකම මැයි මාසයේ දී දකුණු අප්‍රිකාවේදී පැවැත්වෙන අතර කායවර්ධන තරග,
ආත්මාරක්ෂක සටන් ආදිය පිරුණු කී‍්‍රඩා ඉසව් ඊට ඇතුළත්ය.

වයස් සීමාවකින් තොර මෙම තරඟ සඳහා මෙවර 24,000කට වැඩි ක්‍රීඩක ක්‍රීඩිකාවන් සංඛ්‍යාවක් සහභාගී වී තිබේ.

කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් පුහුණු වන අයුරු නිරීක්ෂණය කරමින් සෙල්ෆි ගනිමින් සිටියදී ආර්නෝල්ඩ් මෙම ප්‍රහාරයට ලක් වී ඇත. පහර එල්ල කළ ක්‍රීඩකයා පොලිසියට බාරදී ඇති නමුත් අවධානය දිනා ගැනීමට තමන්ට පහර දුන් එම ගැටවරයාට
එරෙහිව තමන් නීතිමය පියවරක් නොගන්නා බව ආර්නෝල්ඩ් පවසා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *