ත‍්‍රස්තවාදය හා අන්තවාදය වපුරන FBවලට තහනමක්

(කොළඹ, ලංකාපුවත්) –ත්‍රස්තවාදී සහ අන්තවාදී අදහස් ප්‍රවර්ධනය කෙරෙන ෆේස්බුක් ගිණුම් තහනම් කරන බව ෆේස්බුක් සමාගම පවසයි.

ත්‍රස්ත සංවිධාන මගින් නිකුත් කරන ප්‍රකාශන හා අන්තර්ජාලයේ මහා පරිමාණයෙන් හුවමාරුවෙමින් පවතින අන්තවාදී අදහස් පාලනය කිරීම මෙහි අරමුණ වේ.

නවසීලන්තයේ ක්‍රයිස්චර්ච් නගරයේ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු පැරිස් නුවර පැවති සමුළුවකදී මෙම තීරණයට එළඹ ඇත. නව රෙගුලාසි කඩකරන ගිණුම් තාවකාලිකව හෝ සම්පූර්ණයෙන්ම අත්හිටුවන බව ෆේස්බුක් සමාගම පවසයි. මෙම තීරණය නවසීල්නත අග්‍රාමාත්‍යවරියගේ සහ ප්‍රංශ ජනාධිපතිවරයාගේ ද පැසසුමට ලක්විය.

ෆේස්බුක් ජාලයේ වෙළෙඳ දැන්වීම් අංශය කරා ද නව රෙගුලාසි පුළුල් කිරීම අරමුණවේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *