පාස්කු ප්‍රහාරයේ තවත් 03ක් අත්අඩංගුවට

(කොළඹ, ලංකාපුවත්) –අප්‍රේල් මස 21 පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ තවත් තිදෙනෙකු අම්පාර පොලිසියේ නිළධාරින් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම පිරිස බෝම්බ ප්‍රහාරයට සම්බන්ධතා පැවැත්වු බවට බුද්ධි අංශ වෙත ලද තොරතුරු අනුව අත්අඩංගුවට ගැනීම සිදු කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

සැකකරුවන් තිදෙනා කල්මුණේ ප්‍රදේශයේදී සිටියදී අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකෙරේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *