බංග්ලාදේශයේ දින 65ක මසුන් මැරීමේ තහනමක්

(කොළඹ, ලංකාපුවත්) –මත්ස්‍ය සම්පත වර්ධනය කිරීම සඳහා බංග්ලාදේශය විසින් දින 65 ක ධීවර කටයුතු තහනමක් පනවා තිබේ.

එරට රජය පවසන්නේ සියළු මත්ස්‍ය යාත්‍රා වලට මුහුදු යාම තහනම් කර ඇති බවත් වෙරළ ආරක්ෂයින් විසින් ඒ පිළිබඳ දැඩි ලෙස නිරීක්ෂණය කරන බවත්ය.

මෙම තීරණය පිළිබඳ අදහස් දක්වන ධීවරයින් කියා සිටින්නේ ආදායමක් නැති කමින් තමන් දැඩි අසරණ තත්ත්වයකට
පත්ව ඇති බවය.
මෙම තහනමට එරෙහිව දහස් ගණනක් සහභාගි වන දැවැන්ත උද්ඝෝෂණයක් සංවිධානය කරන බව ඔවුන් පවසයි.
මෙම තහනම මැයි 20 වැනි දා සිට ජූලි 23 වැනි දා දක්වා ක්‍රියාත්මක කිරීමට නියමිතය.

ඒ කාල පරිච්ඡේදය මත්ස්‍යයින් බෝ වන කාලයක් වෙන් කර එම තහනම පැන වූ බව බලධරයින් පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *