වර්ගමීටර් 802,206ක බිම්බෝම්බ ඉවත් කෙරේ

(කොළඹ, ලංකාපුවත්) – 2017 වසරේ සිට 2019 වසර දක්වා උතුරු පළාතේ වර්ගමීටර් 802,206ක භූමි ප්‍රමාණයකින් බිම්බෝම්බ හා ඊට සම්බන්ධ පුපුරන ද්‍රව්‍ය කොටස් 18,962ක ප්‍රමාණයක් ගොඩගෙන ඇති බව උතුරු පළාතේ බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතුවල නිරත සංවිධාන සඳහන් කරති.

එහිදී වැඩිම භූමි ප්‍රමාණයකින් බිම්බෝම්බ ප්‍රමාණයක් ගොඩගෙන ඇත්තේ කිලිනොච්චියේ මුහමාලේ ප්‍රදේශයෙන්ය.

ශ්‍රී ලංකාවේ බිම්බෝම්බ ඉවත් කිරීමේ මානුෂීය ක්‍රියාදාමයට ආධාර ලබාදුන් රටවල් අතුරින් රටවල් කිහිපයක්ම මේ වන විට එම කාර්යයෙන් ඉවත් වී ඇතත් ජපානය ඇතුළු රටවල් කිහිපයක් 2019 හා 2020 යන වසරවල් සඳහා බිම්බෝම්බ ඉවත් කිරීමට ආධාර සපයා දී ඇත.

2020 වසර ශ්‍රී ලංකාව බිම්බෝම්බවලින් තොර රටක් බවට පත් කිරීමට බොහෝ ජාත්‍යන්තර සංවිධාන උත්සාහ කළත් විවිධ හේතූන් නිසා එම උත්සාහය මල්ඵල ගැන්වීම අසීරු බව පෙනී ගොස් ඇති නිසා බිම්බෝම්බ ඉවත් කිරීමේ නිරත ජාත්‍යන්තර සංවිධාන ශ්‍රී ලංකාව 2025 වසරේදී මුළුමනින්ම බිම්බෝමබවලින් නිදහස් රටක් බවට පත් කිරීමේ කාර්යයේ නිරතව සිටින බව සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *