සිම් කාඩ් 1475ක් කොච්චිකඩේ කැලයක

(කොළඹ, ලංකාපුවත්) – කොච්චිකඩේ පොලිස්වසමේ ඕවිටියාව, මාඔය අසළ කැලෑ ප්‍රදේශයේ පොහොර උරයක දමා සඟවා තිබූ එක්තරා සමාගමකට අයත් සිම් කාඩ්පත් 1475ක් කොච්චිකඩේ පොලීසිය විසින් සොයා ගෙන ඇත.

ඊයේ සවස (20) කොච්චිකඩේ පොලීසියට ලද තොරතුරක් මත මේවා සොයා ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේය.

මේ සම්බන්ධව ඉදිරි විමර්ශන කොච්චිකඩේ පොලීසිය මගින් සිදුකරනු ලබයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *