බ්‍රිගේඩියර්වරු දස දෙනෙකුට උසස් වීම්

(කොළඹ, ලංකාපුවත්) –යුද හමුදා බ්‍රිගේඩියර් නිලයේ නිලධාරීන් 10 දෙනෙකුට ජනාධිපතිවරයා විසින් මේජර් ජෙනරාල් නිලයට උසස් කර තිබේ.

කුරිරු ත්‍රස්ථවාදය නිමා කර මව් බිමට සාමය උදාකර ලීමේ දසවස් අභිෂේකය නිමිත්තෙන් අද(22) දින යුද්ධ හමුදා නිලධාරීන් 40 දෙනෙකුට විශිෂ්ඨ සේවා විභුෂණ පදක්කම් ද ජනාධිපතිවරයා විසින් පිළිගන්වනු ලැබීය.

විශිෂ්ට සේවා විභූෂණ පදක්කම සුවිශේෂ ප්‍රදානයක් වන අතර, එය යුද හමුදාවේ ලුතිනන් කර්නල් සහ ඊට ඉහළ නිලවල නිලධාරීන් වෙත සහ නාවික හා ගුවන් හමුදාවල ඒ හා සමාන නිල දරන අවම වශයෙන් වසර 25ක අඛණ්ඩ සේවා කාලයක් හා යහපත් සේවා ඉතිහාසයක් හිමි නිලධාරීන් වෙත පමණක් ප්‍රදානය කෙරෙන පදක්කමකි.

ත්‍රිවිධ හමුදාවේ සේවයේ යෙදී සිටින සහ විශ්‍රාමික නිලධාරීන් 65 දෙනෙකු මෙහි දී ජනාධිපතිතුමා අතින් විශිෂ්ට සේවා විභූෂණ පදක්කම්වලින් පිදුම් ලැබූ අතර, එයට යුද හමුදා නිලධාරීහු 40 දෙනෙක්, නාවික හමුදා නිලධාරීහු 12 දෙනෙක් සහ ගුවන් හමුදා නිලධාරීහු 13 දෙනෙක් ඇතුළත් වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

5 × 5 =