වෙඩි පහරකින් අකුරැස්සේදී පොලිස් කොස්තාපල්වරයෙක් මරුට

(කොළඹ, ලංකාපුවත්) –අකුරැස්ස ඌරුමුත්ත ප්‍රදේශයේ නීති විරෝධී මත්පැන් වැටලීමකට ගිය පොලිස් කණ්ඩායමකට සැකකරුවෙකු කළ වෙඩි තැබීමකින් පොලිස් කොස්තාපල්වරයෙක් අද(22) සවස මරණයට පත්ව තිබේ.

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ කොස්තාපල්වරයා කඹුරුපිටිය රෝහලට ඇතුලත් කිරීමේ දී මිය ගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කරයි.

මෙලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 30ක් වූ අකුරැස්ස පොලිස් ස්ථානයට අනුයුක්ත කසුන් සම්පත් නැමැති පොලිස් කොස්තාපල්වරයෙකි.

මෙම වෙඩි තැබීම සිදු කර ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි ධර්මසිරි නැමැති අයෙකි. ඔහු මේවන විට ප්‍රදේශයෙන් පළා ගොස් ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *