ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් නිදහස ලබා පිටව යයි

(කොළඹ, ලංකාපුවත්) –ජනාධිපති සමාව ලැබූ ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් වැලිකඩ බන්ධනාගාරයෙන් පිටව ගොස් තිබේ.

රටේ ආරක්ෂක තත්ත්වය සැලකිල්ලට ගනිමින් ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් වැලිකඩ ප්‍රධාන පිවිසුමෙන් නොව වෙනත් මාර්ගයකින් බන්ධනාගාරයෙන් පිටව ගොස් ඇති බව වාර්තා වේ.

අනතුරුව උන්වහන්සේ කෝට්ටේ ඉත්තෑපානේ මහනායක ස්වාමින් වහන්සේ බැහැ දැකීම සදහා කොට්ටාවේ රුක්මල්ගම විහාරස්ථානයට වැඩම කර ඇත.

අධිකරණයට අපහාස කිරීම ඇතුළුව චෝදනා 4 කට වරදකරු වීමෙන් ඥාණසාර හිමියන්ට වසර 19 ක සිරඳඬුවමක් වසර 6 කින් ගෙවී යන පරිදි 2018 අගෝස්තු 08 වෙනිදා දඬුවම් නියම විය.

මෙම තීන්දුව ලබා දුන්නේ ප්‍රීති පද්මන් සූරසේන සහ ශිරාන් ගුණරත්න යන අභියාචනාධිකරණ විනිසුරුවරුන්ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

three × 4 =