ජාතියට ආගමට වෙන් නොවූ පොදු පාසල් ක්‍රමයක්

(කොළඹ, ලංකාපුවත්) –ආගම් හා ජාතිය පදනම් කර නොගත් පොදු පාසල් ක්‍රමයක් ඉදිරි වසර දෙක තුළ ස්ථාපිත කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ශ්‍රී ලාංකීය අනන්‍යතාව පදනම් කරගනිමින් රටේ අධ්‍යාපන ක්‍රමය ඉදිරියට ගෙන යාමට පියවර ගන්නා බව අරලියගහ මන්දිරයේ පැවති උත්සවයකට එක්වෙමින් ඉයේ(22) අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමා ප්‍රදානෝත්සවය අරලියගහ මන්දිරයේදී පැවැත්වුණි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජාතික අධ්‍යාපන ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් පූජ්‍ය ආචාර්ය මාඹුල්ගොඩ සුමනරතන ස්වාමීන් වහන්සේ ද අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්, රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන්, අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් එම් එන් රණසිංහ, ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය ටී ඒ ආර් ජයන්ති ගුණසේකර යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

six + seven =