වීදි නාම පුවරු සිංහල, දෙමළ සහ ඉංග‍්‍රීසි පමණක් විය යුතු බවට අගමැතිගෙන් උපදෙස්

(කොළඹ, ලංකාපුවත්) – වීදී නාම පුවරු සිංහලෙන් දෙමළෙන් සහ ඉංග‍්‍රීසියෙන් පමණක් සමන්විත යුතු බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා දැනුම් දීමක් කර ඇත.

ඒ සම්බන්ධයෙන් අමාත්‍ය වජිර අබේවර්ධන මහතාට අග‍්‍රාමාත්‍යවරයා උපදෙස් ලබාදී ඇති බව අග‍්‍රාමාත්‍ය කාර්යාලය පවසයි. ඒ අනූව එම භාෂා තුනෙන් හැර වෙනත් කිසිදු භාෂාවකින් විදී නාම පුවරු නම් නොකළ යුතු බවත් රනිල් වික‍්‍රමසිංහ මහතා ප‍්‍රකාශ කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

12 + two =