ජපාන විදේශ අමාත්‍යවරයාගේ අලුත් අදහස

(කොළඹ, ලංකාපුවත්) –විදේශ භාෂාවන් ගෙන් ජපන් ජාතිකයින් ගේ නම් ලියන විට වාසගම මුළින් ලිවීමට අවශ්‍ය බව ජපාන විදේශ අමාත්‍යවරයා ටාරො කොනෝ පවසයි.

ඔහු වාර්තාකරුවන් හමුවේ ප්‍රකාශ කළේ විදෙස් මාධ්‍ය තුළ ජපන් මෝස්තරයට පුද්ගල නම් ලියන ලෙස ඉල්ලා සිටීමට තමන් අදහස් කරන බවයි.

ඒ අනුව අග්‍රාමාත්‍ය ෂින්ෂෝ අබේ නාමය ” අබේ ෂින්ෂෝ” ලෙස ලිවිය යුතු බව ඔහු උදාහරණයක් ලෙස දක්වමින් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *