වෙබ් අඩවිවලට සයිබර් ප්‍රහාර එල්ලකළ පිරිස් හදුනාගැනේ

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාවේ රාජ්‍ය හා රාජ්‍ය නොවන වෙබ් අඩවි ගණනාවකට පසුගියදා එල්ල වූ සයිබර් ප්‍රහාර මාලාව විදෙස්ගත කන්ඩායම් දෙකක් විසින් සිදු කර ඇති බව අනාවරණය වී තිබේ.

පසුගිය 18 වනදා සහ 19වනදා එල්ල වූ සයිබර් ප්‍රහාරය පසුපස විදේශ කන්ඩායම් 02ක් සිටින බවට තොරතුරු අනාවරණය වී තිබෙන බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ප්‍රධාන විධායක නිළධාරි ලාල් ඩයස් මහතා සදහන් කළේය.

මේ වන විට අදාළ වෙබ් අඩවි 99%ක්ම යලි යථාතත්ත්වයට පත් කර ඇති අතර සයිබර් ප්‍රහාරය හරහා අදාළ වෙබ් අඩවි වල තොරතුරු ලබා ගැනිමට අවස්ථාවක් හිමි වී නැති බවද ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය සදහන් කරයි.

රජයට අයත් ආයතනවල වෙබ් අඩවි ආරක්ෂා කිරිම සදහා විශේෂ වැඩපිලිවෙලක් ක්‍රියාවට නංවා ඇති අතර ඒ යටතේ ආරක්ෂක මෘදුකාංග කිහිපයක්ම හදුන්වා දිමට ද කටයුතු කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

3 × 5 =