චීන ජාතිකයින්ට ලංකාවේ සංචාරයට තිබූ තහංචි ලිහිල් වෙයි

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාවේ සංචාරය කිරිම සදහා චීනය එරට සංචාරකයින්ට පනවා තිබු තහංචිය ලිහිල් කිරිමට එකඟ වූ බව අමාත්‍ය ජෝන් අමරතුංග මහතා පවසයි.

ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාල නිළධාරින් සමඟ සිදුකළ සාකච්ඡාවකින් අනතුරුව එම තීන්දුව ගත් බව අමාත්‍යවරයා සදහන් කළේය.

රුපියල් මිලියන 66ක වියදමින් ඉදි කරන ලද ජාතික නිවාඩු නිකේතනය විවෘත කිරිමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

අනුරාධපුර සංචාරක කර්මාන්තයේ නියැලි ව්‍යාපාරිකයින් මුහුණ පා සිටි ගැටලු සම්බන්ධයෙන් සොයා බලා කඩිනමින් විසදුම් ලබා දීම සදහා ප්‍රදේශයේ සංචාරක ව්‍යාපාරයේ නියලෙන්නන් සමග සාකච්ඡාවකට ද අමාත්‍යවරයා එක්විය. කඩාවැටුණ සංචාරක කර්මාන්ත නගා සිටුවිමට රජය ලබාදුන් කඩිනම් සහන ලබා ගැනිමේදී ඇති වන ගැටලුවලට එම අවස්ථාවේදීම විසදුම් ලබා දිමටද කටයුතු කෙරුණි. ඒ සදහා මහ බැංකුව , මුදල් අමාත්‍යංශය ඇතුළු රජයේ නිළධාරින් කිහිපදෙනෙකුද කැදවා තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *