වෛද්‍ය ෂාෆි ගැන සොයන්න විමර්ශන මණ්ඩලයක්

(කොළඹ, ලංකාපුවත්) – කුරුණෑගල රෝහලේ වෛද්‍ය සෙයිගු සියබ්දීන් මොහොමඩ් ෂාෆිගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් සොයා බැලීමට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් විශේෂ විමර්ශන මණ්ඩලයක් පත් කරන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සදහන් කරයි.

ප්‍රසව හා නාරිවේදය සම්බන්ධයෙන් විශේෂඥතාවයක් දක්වන වෛද්‍යවරු තිදෙනෙකු සහ වෛද්‍ය සභාවේ නියෝජිතයෙකුද එම මණ්ඩලය නියෝජනය කරනු ඇත.

එම විශේෂ විමර්ශන මණ්ඩලය පරීක්ෂණ සිදු කිරීමෙන් අනතුරුව අදාළ චෝදනාවලට ඔහු වරදකරු වුවහොත් දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරන්ත මහතා වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *