ශ්‍රී ලංකන් – මිහින්ලංකා දූෂණ සොයන කොමිසමේ කාලය දීර්ඝ වෙයි

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලන්කන් හා මිහින්ලංකා ගුවන් සමාගම්වල සිදුවූ බව කියන අක්‍රමිකතා පිළිබඳ සොයාබැලීම සඳහා පත්කළ ජනාධිපති පරීක්ෂණ කොමිසන් සභාවේ කාලය යළිත් දීර්ඝ කිරීමට පියවර ගෙන තිබේ.

ඒ අනුව කොමිසමේ කාලය ලබන ජුනි මස 30 වැනිදා දක්වා දීර්ඝ කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් පියවර ගෙන ඇති අතර ඊට අදාළ අතිවිශේෂ ගැසට් පත්‍රය අද(27) දිනයේ නිකුත් කර ඇති බව වාර්තා වේ.

2006 වසරේ ජනවාරි මස 01 වැනිදා සිට 2018 වසරේ ජනවාරි මස 31 වැනිදා දක්වා වූ කාල සීමාව තුළ ශ්‍රී ලන්කන් ගුවන් සමාගම, ශ්‍රී ලන්කන් කේටරින් සමාගම සහ මිහින් ලංකා පුද්ගලික සමාගම යන ආයතනවල සිදුවූ බව කියන අක්‍රමිකතා පිළිබඳ සොයාබැලීම සඳහා ජනාධිපතිවරයා විසින් 2018 වසරේ ජනවාරි මස 31 වැනි දින මෙම කොමිසම පත් කරනු ලැබීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *