කේරළ ප්‍රාන්තයේ ආරක්ෂාව තර කරයි

(කොළඹ, ලංකාපුවත්) – දකුණු ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ ආරක්ෂාව තර කර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා පවසයි.

ඒ ශ්‍රී ලංකාවේ සිට බෝට්ටුවකින් අයි.එස් ත්‍රස්තවාදීන් 15 දෙනෙකු ඉන්දියාවට අයත් ලක්ෂාදීප් දිවයින වෙත පිටත්ව ඇති බවට ලද බුද්ධි තොරතුරක් ලැබීම හේතුවෙනි.

ඉන්දිය පොලිස් දෙපාර්තමේන්තුව සදහන් කරන්නේ, මීට අමතරව වෙරලබඩ පොලිස්ථාන, දිස්ත්‍රික් වෙලරබඩ පොලිස් ප්‍රධානීන් දැනුවත් කිරීමට ඉන්දිය පොලිස් දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇති බවයි.

කෙසේ වෙතත් ඉන්දීය මාධ්‍ය අනාවරණ කළේ, පසුගිය 23 වැනි දා සිටම ඉන්දිය වෙරලබඩ පොලිස් දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් විමසිල්ලෙන් පසුවන බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *