විල්පත්තු ජාතික රුක් රෝපණ වැඩසටහන අදියර දෙකකින්

(කොළඹ, ලංකාපුවත්) – ‘තුරුලිය වෙනුවෙන් අපි‘ විල්පත්තු ජාතික රුක් රෝපණ වැඩසටහන අදියර දෙකක් යටතේ ආරම්භ කෙරේ.

ඒ අනුව මුසලි ප්‍රාදේශීය ලේකම් කේ. එස්. වසන්ත කුමාර් සහ 54 සේනාංකාධිපති මේජර් ජෙනරාල් සෙනරත් බණ්ඩාර යන ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙන් මුසලි ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශය තුළ රාජකාරී නියුතු සියලුම ග්‍රාම නිලධාරීවරුන් සහ වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් සාකච්ඡාවක් පසුගියදා(23) පැවැත්වුණි.

එහිදී රුක් රෝපණ වැඩසටහනේ දෙවන අදියර යටතේ රුක් රෝපණය සිදු කරන ආකාරය පිළිබඳව ද වැඩිදුරටත් සාකච්ඡා කෙරුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *