IS සමඟ සම්බන්ධ වූ ප‍්‍රංශ ජාතිකයන් තිදෙනෙකුට මරණ දඩුවම

(කොළඹ, ලංකාපුවත්) – අයි එස් සංවිධානය සමඟ සම්බන්ධ වූ ප‍්‍රංශ ජාතිකයන් තුන් දෙනෙකුට ඉරාකයේ අධිකරණයක් විසින් මරණ දඩුවම නියම කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

අමෙරිකා පිටුබලය ලබන හමුදාවන් සිරියාවේ සිදුකළ වැටලීමකදී ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති බව සදහන් වේ. පසුගිය පෙබරවාරි මාසයේදී ඔවුන් ඉරාකයට භාරදී තිබේ.

ප‍්‍රංශයෙන් අයි එස් සංවිධානය සමඟ සම්බන්ධ වී මරණ දඩුවම හිමි වූ පළමු පිරිස මොවුන් බව වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

8 + twelve =