ජපානයේ පිහි ඇනුමකින් දැරියක් ඇතුළු දෙදෙනෙක් මරුට – 18කට තුවාල

(කොළඹ, ලංකාපුවත්) – ජපානයේ ටෝකියෝ නුවර දකුණු දිග ප්‍රදේශයේ පිහිටි උද්‍යානයක සිදු වූ පිහි ඇනුමකින් කුඩා දැරියක ඇතුළු දෙදෙනෙක් මිය ගොස් ඇත.

මෙම සිද්ධියෙන් 18දෙනෙකු තුවාල ලබා ඇති බව බීබීසී පුවත් සේවය වාර්තා කර තිබේ. තුවාල ලැබූවන් අතර 16දෙනෙකු පමණ ළමුන් බවද සදහන් වේ.

වයස අවුරුදු 50ක පමණ පුද්ගලයෙකු මෙම ප්‍රහාරය එල්ල කර ඇති අතර පිහි ඇනුම සිදුකළ පුද්ගලයා මේ වන විට අත්අඩංගුවට ගෙන ඇත. ඔහු ළග තිබී පිහි දෙකක් ද සොයාගෙන තිබේ.

එම පුද්ගලයා උද්‍යානයේ සිටි පිරිසට පිහි ඇනුම සිදු කිරීමෙන් අනතුරුව ඔහු ද එම පිහියෙන් තුවාල සිදු කරගෙන ඇතැයි සදහන් වේ. ඔහු මෙසේ කිරීමට හේතුව මෙතෙක් හෙළිව නොමැත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *