පරිසරය දූෂණය කරන නිතී වීරෝධී ලී මෝලක් උකුවෙල

(කොළඹ, ලංකාපුවත්) – උකුවෙල, වාරියපොල ප්‍රදේශයේ පවත්වා ගෙන නිතිවීරෝධි ලී මෝලක් හේතුවෙන් ප්‍රදේශවාසීන් දැඩි අපහසුතාවයකට පත්ව ඇති බව වාර්තා වේ.

එම ලී මෝල සමග මහා පරිමාණයේ ලී මඩුවක් ද පවත්වාගෙන යන අතර එම ලී මෝලේ හිමිකරුවන්ගේ ක්‍රියාකලාපය නිසා පරිසර දූෂණය හා ප්‍රදේශවාසීන් විවිධ රෝගාබධ හටගැනීමේ අවදානමකට පත්ව ඇති බව ප්‍රදේශවාසීන් පවසයි.

එයට හේතු වී තිබෙන්නේ දිවා රෑ නොබලා ප්‍රදේශයේ මාර්ග අවහිර වන සේ දැඩි ගෝෂාකරි ශබ්දයෙන් යුතුව සහ මහාමාර්ගයේ අනිකුත් වාහන ද අවහිර වන සේ පරිසර දූෂණයක් සිදු වන අන්දමින් ලී මෝලට අයත් වාහන ධාවන කිරිම ය.අවට නිවෙස්වලට යෑමට තිබෙන පෞද්ගලික මාවත් ද අත්පත් කරගනිමින් මෙලෙස නිති වීරෝධී අන්දමින් මෙම ලී මෝල පවත්වාගෙන යනබව බව ප්‍රදේශවාසීන්ගේ චෝදනාව වී තිබේ.

පාරිසරික වාර්තා නොමැතිව නිතිවීරෝධී ලෙස පවත්වාගෙන යන මෙම ලී මෝල තවදුරටත් පවත්වාගෙන යන්නේ කෙසේ ද යන්න ගැටළු සහගත ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *