ඉම්රාන් ඛාන්, මෝදිට දුන් දුරකථන ඇමතුම

(කොළඹ, ලංකාපුවත්) – පාකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන් ඉන්දීය අගමැති ධුරයට යළිත් තේරී පත්වීම පිළිබඳව නරේන්ද්‍ර මෝදිට සුබ පතා තිබේ. ඒ ඔහු වෙත දුරකතන ඇමතුමක් ලබා දෙමිනි.

දෙරටේ ජනතාවගේ සුබ සෙත ඉහල නංවාලීමට පොදුවේ උත්සාහ දරන ලෙසට පාකිස්ථාන අගමැතිවරයා එම අවස්ථාවේ දී ඉල්ලීමක් කර ඇති බව ඉන්දීය විදේශ අමාත්‍යංශය මේ පිළිබඳව සනාථ කරමින් නිකුත් කළ නිවේදනයේ දැක් වේ.

පාකිස්ථාන අගමැතිවරයාගේ සුභ පැතුම් වෙනුවෙන් සිය ස්තුතිය පළ කළ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිය මහතා අසල්වැසි රටවලට ප්‍රමුඛත්වය ලබා දීම පිළිබඳ තම රජයේ ප්‍රතිපත්තිය යළිත් අවධාරණය කළේය.‍

දරිද්‍රතාව තුරන් කොට විශ්වාසය පුළුල් කරමින් ප්‍රචන්ඩත්වය සහ ත්‍රස්තවාදයෙන් ‍තොර කලාපයක් ගොඩනැගීමට පාකිස්ථානය සහ ඉන්දියාව පොදුවේ වෑයම් දැරිය යුතු බව ද ඔහු කියා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *