පත්වීමේ ලිපිය ලැබූ පසු මෝදි කියූ දේ

(කොළඹ, ලංකාපුවත්) – රට වැසියන්ගේ සුබ සාධනය වෙනුවෙන් අඛණ්ඩව කැපවන බවට නරේන්ද්‍ර මෝදි ප්‍රතිඥා මීළඟ අග්‍රාමාත්‍යවරයා ලෙස පත්වීමේ ලිපිය ලැබීමෙන් පසු සඳහන් කළේය.

තම නව රජය ‍ඉන්දීය ජනතා‍වගේ අපේක්ෂා සඵල කිරීම වෙනුවෙන් ක්‍රියා කරනු ඇති බව ඔහු වැඩි දුරටත් සඳහන් කළේය.

භාරතීය ජනතා පක්ෂය පාර්ලිමේන්තු ආසන 303ක් දිනා ගැනීමට සමත් වූ අතර ඉන්දීය ජනාධිපතිවරයා විසින් මෝදි මීළග අග්‍රාමාත්‍යවරයා ලෙසට පත් කරනු ලැබීය.

එම පත් කිරීමෙන් අනතුරුව අමාත්‍ය මණ්ඩලය සඳහා නම් ‍යෝජනා කිරීම සහ දිව්රුම් දෙන දිනය පිළිබඳ දැනුවත් කරන ලෙසට ඉන්දීය ජනාධිපතිවරයා විසින් නරේන්ද්‍ර මෝදි ට දන්වා ති‍බේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *