සයිබර් ප‍්‍රහාර වැළැක්වීමට නව නීති

(කොළඹ, ලංකාපුවත්) – සයිබර් ප‍්‍රහාර වැළැක්වීමට නව නීති හදුන්වාදෙන බව රාජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා පවසයි.

සයිබර් ආරක්ෂණ නීතිය හා තොරතුරු ආරක්ෂණ නීතිය ඉදිරියේදී හදුන්වාදීමට කටයුතු යොදා තිබේ. මහජන අදහස් ලබාගැනීම ලබන 06 වනදා සිට සිදුවේ. පනත් කෙටුම් පත කැබිනට් අනුමැතිය සඳහා ඉදිරිපත් කර ඇති බව අජිත් පී පෙරේරා මහතා සඳහන් කළේය.

ලිඛිතව අදහස් ඉදිරිපත් කිරිමට ද මහජනතාවට හැකියාව පවතින බව රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

four + eleven =