ඉන්දියාව ශ‍්‍රී ලංකාවට පැනවූ සංචාරක තහනම ඉවතට

(කොළඹ, ලංකාපුවත්) – පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට අදාළව ඉන්දීය විදේශ කටයුතු අමාතයංශය විසින් පනවා තිබූ සංචාරක තහනම ඉවත් කර තිබේ.

ශ්‍රී ලංකාවේ ආරක්ෂක තත්වය ක්‍රම ක්‍රමයෙන් යථා තත්වයට පත්වෙමින් ඇති බව ඉන්දීය විදේශ අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.

ඉන්දීය සංචාරකයන්ට ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට කිසිදු අවධානමක් නොමැති බවත් විමසිලිමත් වීම පමණක් ප්‍රමාණවත් බවත් සදහන් කර තිබේ.

එල්ල වූ ත‍්‍රස්තවාදි ප‍්‍රහාරයත් සමඟ ශ‍්‍රී ලංකාවේ සංචාරය කිරිම වළක්වමින් රටවල් සිය පුරවැසියන්ට අවවාද නිකුත් කරනු ලැබීය. මේ වනවිට රටේ ආරක්ෂක වතාවරණය යහපත් මට්ටමක පවති. ඒ සම්බන්ධයෙන් තානාපතිවරුන් දැනුවත් කිරිමට ද ශ්‍රී ලංකා රජය පසුගියදා පියවර ගත්තේය.

ඒ අනූව සංචාරක තහනම ඉවත් කිරිමට මැදිහත් වන බව තානාපතිවරුන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමුවූ අවස්ථාවේ සඳහන් කළේය.

චීනය සහ ස්විට්සර්ලන්තය ද ශ්‍රී ලංකාවට අදාලව පනවා තිබූ සංචාරක තහනම් මේවන විට ඉවත් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *