දෙමටගොඩ පිපිරීමෙන් ජීවිතක්ෂයට පත් පොලිස් සැරයන්ගේ මෑණියන්ට මුදල් පරිත්‍යාගයක්

(කොළඹ, ලංකාපුවත්) – කොළඹ අපරාධ කොට්ඨාසයට අනුයුක්තව සේවය කරමින් සිටියදී පසුගියදා දෙමටගොඩ බෝම්බ පිපිරීමෙන් ජීවිතක්ෂයට පත් වූ පොලිස් සැරයන් භාතිය බණ්ඩාර රත්නායක මහතාගේ මෑණියන් වෙත රුපියල් ලක්ෂ 10ක මුල්‍ය පරිත්‍යාගයක් සිදු කිරීම ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් ඊයේ (28) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

භාතිය බණ්ඩාර රත්නායක මහතාගේ මෑණියන් වන කේ.ඒ. ඉනෝකා ශිරානි මහත්මිය විසින් අදාළ චෙක්පත ජනාධිපතිතුමා අතින් භාරගත් අතර පවුලේ සාමාජිකයන් ද එම අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *