ඉන්දීය අගමැති ශ්‍රී ලංකා සංචාරයකට සූදානමින්

(කොළඹ, ලංකාපුවත්) – සිය දෙවන ධුර කාලය සදහා දිවුරුම් දෙනු ලැබු ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ලබන මස 09 වෙනිදා ශ්‍රී ලංකාවේ සංචාරයක් සදහා පැමිණිමට නියමිත බව වාර්තා වේ.

අමාත්‍ය රාවුෆ් හකීම් මහතා ට්විටර් පණිවිඩයක් තබමින් ඉන්දිය අගමැතිවරයාගේ ශ්‍රී ලංකා සංචාරය පිලිබදව තහවුරු කර තිබේ.

දෙවැනි වරට ඉන්දීය අග්‍රාමාත්‍ය ධුරයට පත් නරේන්ද්‍ර මෝදි මහතාගේ දිවුරුම් දීමේ උළෙල ඊයේ(30) අභිමානවත් අයුරින් නව දිල්ලි නුවර රාෂ්ට්‍රපති භවන් හිදී පැවැත්වුණි. එම උළෙලට මෝදි මහතාගේ ආරාධනය පරිදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ද එක්ව සිටියේය. එහිදී ඉන්දීය මහ මැතිවරණයෙන් විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාගත් නරේන්ද්‍ර මෝදි මහතාට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සිය උණුසුම් සුබපැතුම් පිරිනැමීය.

මේ අතර ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ නරේන්ද්‍ර මෝදි මහතා ලබන මස 7 සහ 8 යන දෙදින තුළ මාලදිවයිනේ සංචාරයක නිරතවීමට අපේක්ෂා කරන බවයි. ඒ අතරතුර අප්‍රේල් 21 වනදා ශ්‍රී ලංකාවේ සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය පිළිබදව සොයා බැලීම සදහා ශ්‍රී ලංකාවේ කෙටි සංචාරයකට එක්වීමට අපේක්ෂාවෙන් සිටින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

twenty + 11 =