ජනපති මෛත්‍රී හා අගමැති මෝදි හමුවෙයි

(කොළඹ, ලංකාපුවත්) –ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ දිවුරුම් දීමේ උත්සවයට සහභාගිවීම සඳහා ඉන්දියාව බලා පිටත්ව ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අද (31) ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සමඟ ද්වි පාර්ශවික සාකච්ඡාවක නිරත විය.

අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර එම හමුව හයිද්‍රබාද් නිවස හෙවත් ඉන්දීය අගමැති නිළ නිවසේදී සිදුවූ බව ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේය.

ජනාධිපතිතුමා ඊයේ (30) පැවති ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ දිවුරුම් දීමේ උත්සවයේ විශේෂ ආරාධිතයෙකු ලෙස සහභාගි විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

4 × three =