ඩෙංගු අවදානම යළිත්

(කොළඹ, ලංකාපුවත්) – කොළඹ, ගම්පහ, කලූතර, ගාල්ල, මාතර, රත්නපුර හා මහනුවර යන දිස්ති‍්‍රක්කවල මෙලෙද ඩෙංගු රෝගීන් වැඩි වී ඇති බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය සදහන් කරයි.

මෙම අවදානම් දිස්ති‍්‍රක්කවල ඩෙංගු වසංගත තත්ත්වයක් ඇතිවීමේ ඉහළ ප‍්‍රවණතාවක් ද පවතින බව සදහන් වේ.

වංසගත තත්ත්වයක් ඇතිවීම වළක්වා ගැනීම සඳහා දිස්ති‍්‍රක් සෞඛ්‍ය ප‍්‍රධානීන් සමග ඒකාබද්ධව ඩෙංගු මර්ධන විශේෂ ක්ෂේත‍්‍ර වැඩසටහන් සිදු කරන බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය පවසයි. ප‍්‍රජාව දැනුවත් කිරීම ද අඛණ්ඩව සිදු කෙරේ. මදුරුවන් බෝවන ස්ථාන විනාශ කරමින් මහජනතාව ද ඊට සහය දිය යුතු බව අවධාරණය කෙරේ.

ඩෙංගු මදුරුවා පෙරවරු 06 සිට 11 දක්වාත්, පස්වරු 03සිට රාතී‍්‍ර 07 දක්වාත් සාමාන්‍යයෙන් සකී‍්‍රය වන බැවින් එම කාලය තුළ මදුරු දෂ්ටනයනේ ආරක්ෂාක වීමට ද විශේෂයෙන් සැලකිලිමත්වන ලෙස ජාතික ඩෙංගු මර්ධන ඒකකය උපදෙස් දෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

19 + 11 =