ප්‍රවීන රංගන ශිල්පිනී චිත්‍රා වාකිෂ්ඨ අභාවප්‍රාප්ත වෙයි

(කොළඹ, ලංකාපුවත්) – සම්මානලාභී ප්‍රවීණ රංගන ශිල්පිනී චිත්‍රා වාකිෂ්ඨ මහත්මිය අභාවප්‍රාප්ත වෙයි.

මිය යන විට ඒ මහත්මිය 83 වන වියෙහි පසු වුවාය.

කෝපිකඩේ ටෙලිනාට්‍ය ආරම්භයේ සිටම ඊට රංගනයෙන් දායක වූ චිත්‍රා වාකිෂ්ඨ මහත්මිය එදා මෙදාතුර ටෙලිනාට්‍ය සහ චිත්‍රපට රැසකට සිය රංගන දායකත්වය ලබා දී ඇත.

ගැහැණු ළමයි චිත්‍රපටය සදහා වාකිෂ්ඨ මහත්මිය කළ රංගනය වෙනුවෙන් ජනාධිපති සම්මානයෙන් ද පිදුම් ලැබීය.

චිත්‍රා වාකිෂ්ඨ මහත්මිය ස්වාධීන රූපවාහිනියේ විධායක නිලධාරියෙකු මෙන්ම ප්‍රවීන නිවේදකයෙකු හා රංගන ශිල්පියෙකු වන ප්‍රාන් වාකිෂ්ඨ මහතාගේ මෑණියන්ද වේ. ඒ මහත්මියගේ දේහය පිළිබද අවසන් කටයුතු පසුව දැනුම් දීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *