ජනාධිපතිවරණය නොවැ:15-දෙසැ:7 අතර දිනයක

(කොළඹ, ලංකාපුවත්) –ජනාධිපතිවරණය නොවැම්බර් 15 වෙනිදා ත් දෙසැම්බර් 07 වෙනිදාත් අතර දිනක අනිවාර්යෙන්ම පැවැත්වෙන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කරයි.

ඉදිරියේදී පැවැත්වීමට නියමිතව ඇත්තේ පළාත් සභා මැතිවරණය සහ ජනාධිපතිවරණය බවත් එම මැතිවරණ දෙකම පැවැත්වීමට මැතිවරණ කොමිසම සූදානමින් සිටින බවද ඔහු අවධාරණය කළේය.

ජනාධිපතිවරණය කල් දැමීමක් කිසිසේත්ම සිදු නොවන බවත් ජනාධිපතිවරණය පැවැත්වෙන දින වකවානු ගැන ජනාධිපතිවරයාටත් අගමැතිවරයාටත් කථානායකවරයාටත් මේ වන විටත් දැනුම් දී ඇතැයිද මහින්ද දේශප්‍රිය මහතා පැවැසීය. ඉදිරියේදී මැතිවරණ කොමිසම රැස්වූ පසු මේ බව නිල වශයෙන් දැනුවත් කිරීමට පියවර ගන්නා බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

ඔහු මේ අදහස් පලකරනු ලැබුවේ ඡන්ද දායකයාගේ දිනය වෙනුවෙන් මොරටුවේ පැවැති ජනතාව දැනුවත් කිරීම් වැඩ සටහනක් අතරතුරදීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

three × 2 =