රතනහිමි උපවාසය අවසන්කරයි

(කොළඹ, ලංකාපුවත්) – පූජ්‍ය අතුරලියේ රතන ස්වාමීන් වහන්සේ සිය උපවාසය අවසන්කර තිබේ.

නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම් එල් ඒ එම් හිස්බුල්ලා , බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි සහ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් යන අය සිය ධුරවලින් ඉවත් කරන ලෙස ඉල්ලමින් රතන ස්වාමීන් වහන්සේ උපවාසයක් ආරම්භ කළේ මීට දින 4 කට පෙරය.

හිස්බුල්ලා මහතා සහ අසාද් සාලි මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපි ජනාධිපතිතුමා වෙත අද(03) භාරදී තිබේ. ඔවුන්ගේ ඉල්ලා අස්වීම භාරගත් බව ජනාධිපති ලේකම්වරයා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පැවසීය.

මෙම තත්ත්වය මත සිය උපවාසය අත් හැරීමට රතන හිමියන් තීරණයකර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *